Wednesday, September 14, 2011

android (application) යෙදුමක අඩංගු මුලික කොටස්



  1. ක්‍රියාකාරකම්( Activities )  - ඕනෑම යෙදුමක ඇති භාවිතා කරන්නාට පෙනෙන අතුරු මුහුණත මෙයින් හැඳින්වේ . විවිධ වූ කොටස් භාවිතයෙන් මෙම අතුරු මුහුණත නිර්මාණය වී ඇත. 
  2. සේවා ( Services ) - යම් යෙදුමක ඇති නොපෙනෙන බලවේගය මෙයයි. කිසිවෙකුට නොපෙනෙන අයුරින් පසුබිමේ ක්‍රියාත්මක වන මෙම සේවා විවිධ ආකාරයේ දැනුම් දීම් , දත්ත යාවත්කාලින කිරීම වැනි කටයුතු සඳහා යොදා ගනී. 
  3. දත්ත සැපයුම්කරුවන් ( Content Providers )  - විවිධ යෙදුම් අතර බෙදා හදා ගත හැකි, හුවමාරු කර ගත හැකි දත්ත ගබඩාවක් මෙනමින් හැඳින්වේ. තමන්ගේ යෙදුමට අවශ්‍ය වූ විට වෙනත් යෙදුමක් සමග සම්බන්ධ වීමට මෙන්ම අනෙකුත් යෙදුම වලට තම යෙදුමේ දත්ත භාවිතයට ඉඩ දීමටත් මෙය භාවිතා කල හැක. 
  4. පණිවුඩ නිපදවන්නන් ( Intents ) - සරල පණිවුඩ හුවමාරු ක්‍රියාවලියක් මෙනමින් හැඳින්වේ. මෙය භාවිතා කර යම් පණිවුඩයක් විසුරුවා හැරීමට මෙන්ම නිශ්චිත ඉලක්කයකට යැවීමටද හැකියාව ලැබේ. 
  5. විසුරුම් පණිවුඩ ලබාගනන්නන් ( Broadcast Receivers ) - විසුරුවා හරින පණිවුඩ ලබා ගන්නා කොටසක් මෙනමින් හැඳින්වේ. අවශ්‍ය අආකාරයට ලියාපදිංචි වූ විට යම් පනිවුදයකට සවන් දීමටත් ඊට අනුරූපව ක්‍රියාකාරකම්වල යෙදීමටත් මේවා භාවිතා කල හැක. 
  6. ක්ෂණික පණිවුඩ ( Notifications ) - භාවිතා කරන්නා දැනුවත් කරන උපක්‍රම මෙනමින් හැඳින්වේ. භාවිතා කරන්නා යම් ක්‍රියාකාරකමක යෙදී සිටින විට වෙනත් පණිවුඩයක් ලැබෙන විට , දැනට ක්‍රියාත්මක වන ක්‍රියාවට බාධාවක් නොවන අයුරින් එම පණිවුඩය දැනුම් දීම මෙමගින් සිදු කරයි 

No comments:

Post a Comment