Monday, September 12, 2011

android වැඩසටහන්(Applications) සහ ක්‍රියාකාරකම්(Activities) නිර්මාණය කිරීම


ඔබ android වැඩසටහනක්(Application) නිර්මාණය කිරීමට පෙර එය ගොඩ නැගී ඇති ආකාරය අවබෝධ කරගත යුතුය
මෙම පරිච්චේදය තුලදී ඔබ android වැඩසටහනක් තුලදී ඒ හා සම්බන්ධ මූලික ක්‍රියාකාරී කොටස් සම්බන්ධ වන ආකාරය සහ
android මැනිෆෙස්ට්(manifest)  එක මගින් ඒවා අතර සම්බන්ධය ගොඩ නගා ගන්නා ආකාරය අවබෝධ කර ගත හැක 

වර්තමානයේ වැඩි උනන්දුවක් ඇතිවී ඇත්තේ මෘදුකාංග සංවර්ධන ආකෘති(Development Framework)  නිර්මාණය කර ඒවා මත පාලනය කල හැකි මුල කේත(Managed Code) නිර්මාණය කිරීමයි. 
උදා: .නෙට් ආකෘතිය(.NET Framework) , ජාවා උපකල්පිත යන්ත්‍රය (Java Virtual Machine)
android මෘදුකාංග පද්ධතිය මෙම ආකෘතිය භාවිතා කරයි . එනම් සියලුම android ක්‍රියාකාරකම් ධාවනය වන්නේ තමන්ටම සුවිශේෂ වූ දල්වික් උපකල්පිත යන්ත්‍රය(Dalvik Virtual Machine) මතය.

No comments:

Post a Comment